දෙවැනි පාසල් වාරය ලබන මැයි 11 වන සඳුදා දින ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 20 වන සඳුදා ඇරඹීමට නියමිතව තිබිණි.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දෙවැනි පාසල් වාරය ලබන මැයි 11 වන සඳුදා දින ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බවයි.
කොරෝනා වෛරසය පැතිරයාමත් සමඟ එය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙලෙස නැවත පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කර තිබේ.
පාසල් නොපැවැත්වෙන කාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිය අධ්‍යාපන කරගෙන යාම සඳහා දුරස්ථ පහසුකම් හැකි උපරිමයෙන් සැලසීමට රජය සැලසුම් කර ඇත.
විශ්වවිද්‍යාල ආරම්භ කරන දිනය වත්මන් තත්ත්වය සමාලෝචනය කොට විශ්වවිද්‍යාල බලධාරීන්ගේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ එකඟත්වය අනුව තීරණය කරන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.



