කොරෝනා ආසාදනය වු ළාබාලතම බිළිඳාටත් සුව ‌වෙයි

Share

මෙරටින් වාර්තා වූ කොවිඩ් නයින්ටීන් ආසාදිත ළාබාලතම රෝගියා වන මාස 4ක් වයසැති බිළිදාත් සුවය ලබා තිබේ.

 

නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි පස්දෙනෙකුගෙන් යුත් සාමාජිකයින් සිටින එම පවුලේ මාස 4ක් වයසැති බිළිඳාට වෛරසය ආසාදිත බවට තහවුරු කර ගැණුනේ ඉකුත් මාර්තු 30 වැනිදායි.

ඒ අනුව IDH රෝහලේ දින ගණනක් ප්‍රතිකාර ලැබූ බිළිදා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

Read more

Local News