සවස් කාලයේ අදත් වැසි

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාල‍යේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා‍ දෙපාර්තමේන්තුව පවසයි.

 

ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 පමණ තරමක තද වැසි ඇති වෙයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තාවකාලික තද සුළං ඇති වෙන බවද කාලගුණ විද්‍යා‍ දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් ද පවතී.

අද (13) දිනයේ දහවල් 12.11 ට තේකම්පුද්දි, වෙල්ලන්කුලම්, උයිලන්කුලම් සහ කච්චිලමඩු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

Read more

Local News