අද (14) උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1606 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම කාලය තුළ රථ වාහන 373ක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 26,637 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 6799ක් පොලිසිය භාරයට ගෙන ඇත.



