කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් බේරුවල ප්‍රදේශයේ චීනකොටුව සහ පන්නිල යන ගම්මාන දෙක අද (14) පෙරවරුවේ සිට හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
හමුදාපතිවරයා සඳහන් කළේ මෙතෙක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ බණ්ඩාරගම අටළුගම ප්‍රදේශය අද සිට යළි විවෘත කෙරෙන බවයි.
ගතවූ පැය විසිහතරක කාලය තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් අට දෙනෙකු හදුනා ගැනිමත් සමග මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 218 ක්.
පසුගිය මාර්තු මස 27 වනදා අටළුගම ගම්මානය සම්පුර්ණයෙන් හුදෙකලා කිරිමට ලක් කළ අතර එම ගම්මානයෙන් හමුවූ පළමු කොවිඩ් නයින්ටීන් ආසාදිතයා ඇසුරු කළ බව කියන පුද්ගලයින් 20දෙනෙකු පසුව බණ්ඩාරගම, අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.
අනතුරුව නිරෝධායනය අවසන් කළ ඔවුන් කොවිඩ් නයින්ටීන් ආසාදනය වී නොමැති බව PCR පරික්ෂණයෙන් අනාවරණ කරගත් අතර එ අනුව ඊයේ දින 16 යට පසුව එම පුද්ගලයින් නිවෙස් වෙත පිටත් කර යැවිමට පියවර ගත්තේය.



