පළාත් කීපයකට දැඩි උණුසුම් කාලගුණයක්

Share

උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

 

වයඹ සහ උතුරු මැද පළාත් මෙන්ම මන්නාරම, වව්නියාව, මුලතිව්, ත්‍රීකුණාමලය, මඩකලපුව ගම්පහ හා කොළඹ යන දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

මිනිස් සිරුරට දැනෙන උණුසුම පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

අදාළ ස්ථානයන්හි ජීවිත් වන ජනතාවට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල රැදී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවසයි.

මේ අතර වැඩිහිටි රෝගීන් පිළිබඳ වැඩි අවදානයක් යොමු කරන බවත් ‍එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News