හෙරොයින් සමඟ 2ක් නාවික හමුදා බාරයට

Share

පුත්තලම අලන්කුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 450ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙක් සහ කාන්තාවක් නාවික හමුදා බාරයට ගැනීමට සමත් විය.

 

ශ්‍රී ලංකා නාවික හමුදාව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටින අතර, එලෙස සිදු කරනු ලබන තවත් එක් මෙහෙයුමක් වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් පුත්තලම අලන්කුඩා ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කර ඇත.

එහිදී සැක සහිත නිවසක් පරීක්‍ෂාවට ලක් කර එම නිවසේ තිබී හෙරෝයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 450ක පමණ ප්‍රමාණයක් සහ රු, 40,700.00 ක පමණ මුදල් ප්‍රමාණයක් සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 40 සහ 51 වන වියෙහි පසුවන්නන් බවට හඳුනා ගත් අතර, මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය, මුදල් සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා නොරොච්චෝලේ පොලිසිය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

Read more

Local News