ප්‍රදේශ රැසකට අද සවස් කාලයේ තදවැසි

Share

අද (15) දිනයේ දී සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

ඇතැම් ස්ථානවල විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව හා දකුණු පළාත්වල මිලි මීටර 100 වැඩි තද වැසි ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට අකුණු හා තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු ද විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

Read more

Local News