ශ්‍රී ලංකා නාවික හමුදාව බත්තුලුඔය, කොත්තන්තිවු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් සහ මදන මෝදක සමග පුද්ගලයෙකු සිය භාරයට ගෙන ඇත.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් බත්තුලුඔය, කොත්තන්තිවු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත නිවසක් පරීක්‍ෂා කර එම නිවසේ සිටි පුද්ගලයෙකු සතුව තිබී නීති විරෝධී මත්පැන් ලීටර දෙකක් සහ මදන මෝදක ගුලි 37 ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.
මෙහිදී අදාල සැකකරු සහ එම මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 44ක් වන එම ප්‍රදේශයේම පදිංචි අයෙකු බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරු සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා උඩප්පුව පොලීසිය වෙත භාරදී තිබේ.



