මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරු‍වන් 2ක් අත්අඩංගුවට

Share

පසුගිය පෙබරවාරී 24 වන දින හොරණ පොලිස් වසමේ ඉලිඹ ප්‍රදේශයේ දී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ අනුව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව සිද්ධියට සම්බන්ධ සැකකරුවෙන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 32 ක් හා 34 යන වයස්වල පස්වන හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද (18) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News