11 හැවිරිදි දැරියකට අකුණු සැර වැදී මරුට

Share

කොස්ලන්ද පොලිස් වසමේ පට්ටියපොල ප්‍රදේශයේ පිහිටි හෙනක ගසක් උඩ ඇති පැලක සිටි දැරියකට අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

අකුණු සැර වැදී බරපතළ තුවාල ලැබු දැරිය වැල්ලවාය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය දැරිය වයස අවුරුදු 11 ක් වු ඔෆ්ෆිග් වත්ත, ඌවමාවෙල ලිපිනයේ පදිංචිකාරියකි.

මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණ අද(18) සිදු කිරීමට නියමිත අතර කොස්ලන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News