නීති විරෝධීව මත්පැන් අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

Share

නාවික හමුදාව සහ පොලිසිය එක්ව කල්මුණේ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

කොරෝනා ව්‍යසනය රට තුළ පාලනය සඳහා රජය විසින් ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක රට තුල සිදුවන සූක්‍ෂම මත්ද්‍රව්‍ය වෙළඳාම් මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටී.

ඒ අනුව ඊයේ (17) දින ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ කල්මුණේ පොලිසිය එක්ව කල්මුණේ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී තලවට්ටන් මංසන්දියේදී නිති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු සමඟ මත්පැන් බෝතල් 76ක පමණ ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු වයස අවුරුදු 35 ක් වන අන්පූවලිපුරම්, පණ්ඩිරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය කරගෙන ඇත.

එම සැකකරු සහ මත්පැන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු කල්මුණේ පොලිසීය විසින් සිදු කරනු ලබයි.

Read more

Local News