දුම්රිය මැදිරි හා දුම්රිය මාර්ගයට කෙල ගැසිම සම්පුර්ණයෙන්ම තහනම් ‌වෙයි

Share

යළි විවෘත කෙරෙන කාර්යාලවල සේවකයන්ගේ ගමන් පහසුව සැලසිමට ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය සේවාව විධිවිධාන සැලසිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

 

ඒ අනුව බස් රථ 5000ක් හා දුම්රිය ගමන්වාර 400ක් ලබන 20 වැනිදා සිට ධාවනයේ යෙදවිමට අදාළ ආයතන දැනටමත් පියවර ගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරස මෙරට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීමේ අරමුණින් රජය මාර්තු මස 20 වැනිදා සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවනු ලැබුවේය.

කෙසේ වෙතත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට දැනටමත් සැළසුම් දියත් කර අවසන්.

ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළේ, රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ අත්‍යාවශ්‍ය සේවා සඳහා බලපත්‍ර හිමි කාර්යය මණ්ඩලවලට ප්‍රවාහන පහසුකම් සැලසිම සඳහා පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කරන බවයි.

සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව මගීන් 25 දෙනකු පමණක් බස් රථයකයට සීමා කර තිබේ.

මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බොහෝ පිරිසක් භාවිත කරන දුම්රිය සේවය ද සම්පුර්ණයෙන්ම නවතා දමා අදට(18) දින 30ක්.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙරට සතු දුම්රිය 400 අතුරින් කාර්යාල දුම්රිය පමණක් 20 වැනිදා සිට ධාවනයේ යොදවන බවයි.

ඒ අනුව දුම්රිය ස්ථානයකට පැමිණෙන මගින් ප්‍රවේශ පත්‍ර මිලදි ගැනිමේදි, දුම්රිය වේදිකාවේ රැඳි සිටිමේදි හා දුම්රිය මැදිරි තුළදි මිටරයක දුර පවත්වාගත යුතු වේ.

එමෙන්ම දුම්රිය මැදිරියක එකවර ගමන් කළ හැක්කේ මගින් 50 දෙනෙකුට පමණක් වන අතර සියලු දෙනා මුඛ ආවරණ පැලඳිම අනිවාර්ය ‌වෙයි.

එසේම දුම්රිය ස්ථාන පරිශ්‍රයේ, දුම්රිය මැදිරි හා දුම්රිය මාර්ගයට කෙල ගැසිම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අතර එලෙස සිදු කරන පුද්ගලයින්ට අධිකරණය ක්‍රියාමාර්ග ගැනිමට නියමිතයි.

කැස්ස, උණ, ඇති පුද්ගලයෙක් නම් දුම්රිය සේවය භාවිත නොකරන ලෙස ද ජනතාවගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

එසේම දුම්රිය මැදිරි හා පරිශ්‍රයන් තුළ සිඟමන් යැදිම හා අනවසර වෙළඳාම් කිරීමද සම්පුර්ණයෙන්ම තහනම් ‌වේ.

Read more

Local News