අද වනවිට කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදානය වු රෝගින් හමුවුවද ඔවුන් කඳවුරු තුළ නිරෝධායනය වු පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය ඒ බව සඳහන් කළේය.
රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ඊයේ (18) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැමිණියේ කොවිඩ් නයින්ටීන් වෛරසය හමුවේ ඔවුන් සිදු කළ සේවයට ස්තුතිය පළ කිරිම සඳහායි.



