අද සවස හඳුනාගත් අවසන් ‌කොරෝනා රෝගියා පිලියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක්

Share

අද (20) සවස හඳුනාගත් අවසන් කොවිඩ් -19 රෝගියා පිලියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

අද දිනය තුළ හඳුනාගත් ආසාදිතයන් තිස් තුන්දෙනා සමඟ මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 304 ක්.

කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයින් 24 දෙනෙකු එකවර අද හඳුනාගැනුණේ කොළඹ 12, කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් වන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක්.

අද පස්වරුවේ හඳනාගැනුණු 08 දෙනාද කෙසෙල්වත්තෙන් හඳුනාගත් අය වන අතර ඒ අනුව එම ප්‍රදේශයෙන් අද වන විට වාර්තා වී ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන 47 ක්.

අනෙක් පුද්ගලයා ද අද සවස වාර්තා විය.

Read more

Local News