බිරිඳ සැමියා ඝාතනය කරයි

Share

ඊයේ (20) සවස 3.30ට පමණ කටුගස්තොට පොලිස් වසමේ යටිවාවල, කටුගස්තොට ලිපිනයේ පිහිටි නිවසක් තුළ සැමියා හා බිරිඳ අතර ඇති වු බහින්බස් වීමකින් බිරිඳ විසින් සැමියා ඝාතනයට ලක් කර තිබේ.

 

බිරිඳ විසින් සැමියාගේ ගෙල කපා දැමීමෙන් පසුව පොරවකින් ද හිසට පහර දී බරපතළ තුවාල සිදු කර ඇතැයි පොලීසිය පවසයි.

පසුව තුවාලකරු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 42ක් වු යටිවාවල, කටුගස්තොට ලිපිනයේ පදිංචිකරුවෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.

අද (21) දින ඇය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News