පෑලියගොඩ මාළු වෙළඳසැල දින 3කට වැ‌සේ

Share

හෙට (22) දිනයේ සිට දින 3 ක කාලයක් සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වසා තැබෙන බව වෙළඳ සංගමය සඳහන් කළේය.

 

මේ පිළිබඳ අදහස් දක්වමින් පෑලියගොඩ මධ්‍යම වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපතිවරයා කියා සිටියේ, පිළියන්දල ප්‍රදේශයෙන් ඊයේ (21) දිනයේ දී කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගත් බවයි.

එම ආසාදිත පුද්ගලයා මාළු වෙළෙන්දෙක් වන අතර පසුගිය 18 වන දින පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලට ඔහු පැමිණ ඇතැයි ද තහවුරු වී තිබෙන බව දැන ගැනීමට ලැබුණ බව ඒ මහතා පැවසීය.

ඒත් සමඟ මාළු ලෑලි 3ක් අද දිනයේ වසා දමා ඇති බවත් ඒ අනුව දින තුනකට මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට තිරණය කළ බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැමිණ සියලු දෙනාට හෙට දින PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා යොමු වන ලෙස දැනුම් දුන් බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News