ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මේ වන විට රුපියල් මිලියන 785 ඉක්මවා ගොස් තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරයි.
ගැමුණු හේවා රොජිමේන්තු සේවා මුක්ත භට සංගමය රුපියල් 50,000ක්, බලපත්‍රලාභී ගුවන්යානා ඉංජිනේරුවරුන්ගේ සංගමය රුපියල් මිලියන 1.5ක්, ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් ඖෂධ ආයතනය (Glaxosmithkline) හා විජය නිෂ්පාදන පෞද්ගලික සමාගම රුපියල් මිලියන 05 බැගින්, නිෂිකෝ අන්තර්ජාතික පෞද්ගලික සමාගම, පීපල්ස් රක්ෂණ ආයතනය සහ රුසියානු අධ්‍යාපන මධ්‍යස්ථානය රුපියල් මිලියනය බැගින් ද අද (21) දිනයේ දී අරමුදලට පරිත්‍යාග කර ඇත.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කළ යුතුයි.
දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති.
නීත්‍යානුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.
චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මඟින් මුදල් තැන්පත් කිරීමට හැකිය.
දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.



