තමා විසින් ඒකපාර්ශවික පාර්ලිමේන්තුව රැස්කිරීමේ සූදානමක් පවතින බවට පල වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු කථානායකවරයා පෙන්වා දෙන්නේ කොරෝනා අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රි ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍ය බවයි.
අර්බුදයක් ඇතිවීම වැළැක්වීමට විධායකය කටයුතු කළ යුතු අතර යම් මතභේදයකදී අධිකරණයේ නියෝගයට ගරු කිරීමට තමන් බැඳී සිටින බව කරූ ජයසූරිය මහතාගේ ට්විටර් පණිවිඩයේ සඳහන් වෙයි.



