නීති විරෝධී මත්පැන් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

වව්නියාව, ඊච්චන්කුලම කැළෑ ප්‍රදේශයක නීති විරෝධි මත්පැන් පෙරීම සිදුකළ පුද්ගලයෙකු මත්පැන් තොගයක් සමඟ ඊයේ(23) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

 

වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට  ගත් සැකකරු සතුව තිබි කසිප්පු ලීටර 35 ක් හා ගෝඩා ලීටර 405 ක්ද සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News