හඟුරන්කෙත ප්‍රදේශයේ දි සුරාබදු නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරුවන් වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
හඟුරන්කෙත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ රට බිම හලක් විවෘත කර මැත්පැන් අලෙවි කරන බවට ලැබුනු තොරතුරක් මත එම නිළධාරින් වැටලිමට ගිය අවස්ථවේදි එම ස්ථානයේ සිටි පුද්ගලයින් පිරිසක් විසින් සුරාබදු නිළධාරින් දෙදෙනාට පහරදීමක් සිදුකර පළාගොස් ඇති බව වාර්තා වෙයි.



