තියුණු ආයුධයකින් පහර දී කතක් ඝාතනය කරයි

Share

දඹුල්ල පැල්වෙහර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.

 

බිමතින් පැමිණි පුද්ගලයෙකු විසින් සිය බිරිඳට පහර දි ඇති අතර ගැටුම සමථයකට පත් කිරිම සඳහා බිරිඳගේ මව හා අසැල්වැසියෙකු මැදිහත් වි ඇති බව වාර්තා වෙයි.

එහිදි බීමතින් සිටි පුද්ගලයා සිය බිරිඳට හා බිරිඳගේ මවට හා අසල්වැසියාට තියුණු ආයුධකින් පහර දිමක් සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහර දිමෙන් තුවාල ලැබු ඔවුන් තිදෙනා දඹුල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු 61 හැවිරිදි බිරිඳගේ මව මියගොස් ඇත.

ඝාතනය සිදුකළ සැකකරු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News