නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා නීතිපතිවරයා විසින් අදාළ බලධාරීන්ගේ අනුමැතිය ඉල්ලා ඇත.
පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරින්ට කොරෝනා ආසාදිතව නැති බවට හඳුනා ගෙන ඇති බැවින් නීතිපතිවරයා විසින් මෙසේ අනුමැතිය ඉල්ලා සිටින බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය පවසන්නේ.
එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරිනියක් ආහාර ලබාගන්නා නිවසක තැනැත්තන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා හඳුනා ගැනුනි.
මේ හේතුවෙන් එම දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමීමට තීරණය කරනු ලැබීය.



