නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල්.1425 දරණ ගුවන් යානය අද (24) පස්වරු 3.30ට පමණ ගුවන්තොටුපලට ළගා වු බව වාර්තා වේ.
දිවයිනට පැමිණි සිසුන් පිරිස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින සිසුන් 93 දෙනෙකු රැගෙන ඒම සඳහා කාර්යය මණ්ඩලයේ අට දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂ ගුවන් යානය අද 8.00ට උදෑසන නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගියේය.



