අද (24) රාත්‍රී 8.00 සිට හෙට (25) සහ අනිද්දා (26) මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අප්‍රේල් 27 වෙනිදා අවදානම් කලාපවලටද ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත හැක්කේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ සලකා බැලීමෙන් පසුව බවයි.
අවදානම් කලාප හැර දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය අදත් උදෑසන 5.00ට ලිහිල් කෙරුණි.



