තොණ්ඩමන්ආරු, මයිලන්තනෙයි මුහුදේ පාවෙමින් තිබු මළ සිරුරක් අද (25) උදෑසන වැල්වැටිතුරෙයි පොලීසිය විසින් සොයා ගෙන ඇත.
වලිකාමම්, නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු ලෙස කටයුතු කළ ඉලංගනාදන් සෙන්දූරන් නමැත්තාගේ මළ සිරුර මෙසේ සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
අදාළ පුද්ගලයා අතුරුදහන්ව ඇති බවට ඥාතීන් ඊයේ (24) සවස පොලීසිය වෙත පවසා තිබේ.
එහිදි අතුරුදහන් වු තැනැත්තාගේ යතුරුපැදිය, ජංගම දුරකථනය හා ජාතික හැදුනුම්පත යාපනය, තොණ්ඩමන්ආරු, මයිලන්තනෙයිහින්දු සුසාන භූමිය අසළ තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබිණ.
කෙසේවෙතත් මයිලන්තනෙයි මුහුදෙන් හමුවු මළ සිරුර අතුරුදහන් වු පුද්ගලයාගේ බවට ඥාතීන් විසින් හඳුනාගෙන ඇත.
මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යොමු කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



