වත්තල, ඇවරියවත්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.
ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් බරපතළ තුවාල ලැබු ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ කාන්තාවක් ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු කාන්තාව මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 59 හැවිරිදි වත්තල, ගොංගිතොට ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වත්තල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.



