කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

Share

ගොඩබිම් ප්‍රදේශ සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

 

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

ඒ සමඟම ප්‍රබල අකුණු ද ඇති විය හැකි බව කාලගුණ අංශ පවසයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන තැන් වල තාවකාලික තද සුළං ද ඇති වෙයි.

Read more

Local News