කුඩා දරුවෙකු යතුරුපැදියක ගැටී ජිවිතක්ෂයට

Share

මැදිරිගිරිය පොලිස් වසමේ මැදිරිගිරිය බට 03 නව නගරය, බට 03 ඇළ අසලදී ඊයේ (25) සවස සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

02 ඇළ හංදියේ සිට ටෙලිකොම් හංදිය දෙසට ධාවනය වූ යතුරුපැදියක මෙම කුඩා දරුවා ගැටී අනතුර සිදුව තිබේ.

මෙම මිය ගිය දරුවා මව, පියා සහ සහෝදරයා සමඟ බට 03 ඇළට දිය නෑමට ගොස් ඇති අතර ඒ අතර තුර මෙම දරුවා ඇළ අසල මාර්ගයේ ඇවිදමින් සිටදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවරුදු 02යි මාස 09ක් වූ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.

මෘත ශරීරය මැදිරිගිරිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මෙම අනතුර සිදුකල යතුරපැදිකරු අනතුරින් පසුව පළා ගොස්  ඇති අතර පසුව පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිය ද සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News