ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොයිම්බතූර්හි රැදී සිටින ශ්රී ලාංකික ගුවන් මගීන් 122ක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (26) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.
ශ්රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. – 1193 දරන මෙම ගුවන් යානය අද දින උදෑසන 9.05 ට ඉන්දියාවේ කොයිම්බතූර් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.
ගුවන් යානය මෙම ගුවන් මගීන් පිරිස ද රැගෙන යළි දහවල් 12.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව සඳහන්.



