හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චතුරිකා විමලසේන මහත්මිය අද(18) වරෙන්තු නිකුත් කර ඇත.
2014 වසරේ දෙසැම්බර් මස සමාජ ශාලාවක දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට හා ඔහුගේ පෙම්වතියට පහර දී තුවාල සිදුකිරීම, බලහත්කාරකම් කිරීම යන චෝදනා යටතේ කුරුඳුවත්ත පොලීසිය විසින් මාලක සිල්වා ඇතුළු පිරිසකට නඩු පවරා තිබුණි.