හෙට දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ඉවත් කරයි

Share

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට (28) උදෑසන 5.00ට ඉවත් කෙරෙයි.

 

එදිනම රාත්‍රී 8.00 සිට අදාළ ප්‍රදේශවලට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අද දිනය තුළ ද දිවයිනේ සියලු දිස්ත්‍රික් සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණි.

කෙසේවුව ද කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්වලට තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පුද්ගලයන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනිම සඳහා පිටතට පැමිණිමේ දී තමාගේ හැඳුනුම්පතේ අවසන් අංකයට අදාළව නිකුත් කර ඇති දිනයන් ඒ සඳහා යොදාගන්නා ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

රැකියා සඳහා පිටත් වන්නන් සහ අත්‍යවශ්‍ය සේවාවල නිරත වන්නන්ට හැදුනුම්පතේ අවසන් අංකය අදාළ නොවන බව පොලීසිය පැවසුවේය.

Read more

Local News