කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයේ බලපෑමත් සමඟ ඉදිරි මාස කිහිපයේ බොහෝ දුරට මෙරට ජනතාවට කටයුතු කිරීමට සිදුවන බැවින් ජනතාව වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.
ඒ අනුව වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෑම විටම ඔබ නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයි.
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ පැනවුණු ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා හෙට(28) ලිහිල් කිරීමත් සමඟ එම දිස්ත්‍රික්ක වල ජනතාවට සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු වල නියැලීමට හැකිවෙයි.
නමුත් එදිනෙදා ක්‍රියාකාරකම්වලදී සෑම අවස්ථාවකදීම වෛරස ව්‍යාප්තිය වළක්වාගැනීමට සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය ඉතා වැදගත්.
ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු 5ක් විශේෂඥයින් හඳුන්වාදී ඇත.
එනම්,
“අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැරට නොගොස් නිවෙසේම රැඳී සිටීම.
නිවසින් බැහැරවන සෑම අවස්ථාවකම මුඛ ආවරණ පැළදීම.
මුහුණ ඇල්ලීමෙන් වැළකීම.
වරෙකදී තත්පර 20 ක් හොඳින් දෑත් සේදීම.
සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් එකිනෙකා අතර අවම මීටරයක පරතරය පවත්වාගැනීම.” යන කරුණුය.



