ගුවන් හමුදා සෙබළෙකුටත් කොවිඩ් නයින්ටීන් ආසාදනය වෙයි

Share

කටුනායක ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමේ කෝප්‍රල්වරයෙකුටත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින තහවුරු වී තිබේ.

 

ඒ කඳවුරේ පිහිටි ගුවන් හමුදා රෝහලේ නිරෝධායනය වෙමින් සිටියදීයි.

මෙම නිලධාරියා නිරෝධායනය කිරීමට ගුවන් හමුදාව පියවර ගෙන තිබුණේ පසුගිය 12 වනදා පැවැති සංගීත වැඩසටහනකට වැලිසර නාවික හමුදා කඳවුරේ තූර්ය වාදක කණ්ඩායම් සාමාජිකයින් දෙදෙනෙකු සමඟ සහභාගීවීම හේතුවෙන්ය.

කෙසේ වෙතත් එම නාවික හමුදා සාමාජිකයින් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව සඳහන්.

Read more

Local News