තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලබයි

Share

කොවිඩි නයින්ටීන් වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් රෝගීන් අට දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.

 

ඒ අනුව වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 134ක්.

ගතවූ පැය 24ක කාලය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 65 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සිටින වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 588ට දක්වා ඉහළ ගියේය.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන්කළේ දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් ගණන මෙය වන බවයි.

Read more

Local News