අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි

Share

ලොව කොවිඩ් ආසාදිතයන් ගණන මිලියනය ඉක්මවූ පළමු රට බවට අමෙරිකාව පත්විය.

 

වෛරසයෙන් අද වන විට ලොව පුරා මරණ 211,788ක් වාර්තාවී තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ලවූ රට වන අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන අද මිලියනය ඉක්මවා ගියේය.

ඒ අනුව ලොව සමස්ත ආසාදිතයන්ගෙන් තුනෙන් එකක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

ගෙවුණු පැය 24 තුළදී අමෙරිකාවේ අලුතින් කොවිඩ් මරණ 1,3‍84 ක් වාර්තාවී තිබුණි.

අද වන විට අමෙරිකාවෙන් ආසාදිතයන් 1,010,507ක්, ස්පාඤ්ඤයෙන් 229,422ක්, ඉතාලියෙන් 199,414ක්, ප්‍රංශයෙන් 165,842ක්, ජර්මනියෙන් 158,758ක් සහ එක්සත් රාජධානියෙන් 157,149 ක් හඳුනා ගෙන ඇත.

Read more

Local News