මෙරටින් වාර්තාවන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් ඇත.
ඊයේ (28) දිනයේ හදුනාගත් නව ආසාදිතයින් 31දෙනා ද සමගින් මෙරටින් වාර්තාවන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 619ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ඊයේ හඳුනාගත් ආසාදිතයින් 31 දෙනා අතරින් 21 දෙනෙකු නාවික හමුදා සාමජිකයින් වන අතර ඉන් සිව්දෙනෙකු යුද හමුදා සාමාජිකයින් වේ.
මේ දක්වා වෛරසය අසාදිතව සිට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 134ක්.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ තවත් රෝගීන් 478 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.
කොවිඩ් නයින්ටීන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබේ. එම සංඛ්‍යාව 155ක්.
මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් 63දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 47 දෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 41 දෙනෙක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.
කුරුණැගල දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 12 දෙනෙක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙක්, කෑගල්ල දිස්ත්ත්‍රිකයෙන් 08 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 07 දෙනෙක්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 04 දෙනෙක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 3 දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
මීට අමතරව මාතර, කල්මුණේ, බදුල්ල, වව්නියාව, ගාල්ල, මඩකලපුව, මාතලේ සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්ක වලින් ද ආසාදිතයින් වාර්තා වී ඇත.



