බැසිල් රාජපකෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ජනාධිපති විශේෂ කාර්යසාධය බලකායේ උපදෙස් පරිදි පානීය ජලය කළමනාකරණය කර ගැනීමේ එක් ප්‍රධාන පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ දැවි තෙල් භාවිතය පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරීයේ මූලිකත්වයෙන් විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.
මෙම නව ක්‍රමවේදය 2020 මැයි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වේ.
පිරිපහදු කිරීමකින් තොරව සහ නියමිත ප්‍රමිතියකින් තොරව දැවි තෙල් භාවිතය සඳහා යොදා ගැනීම මගින් සිදුවන පරිසර දූෂණය තුරන් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.
නව වැඩපිළිවෙළ මධ්‍යම පරිසර අධිකාරියේ මූලිකත්වයෙන් සමූද්‍රීය පරිසර ආරකෂණ අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සහ ශ්‍රී ලංකා රේගුව එක්ව ක්‍රියාත්මක කරයි.
නව වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ දැවි තෙල් එකතු කරන බලපත්‍රලාභී ආයතන මූලික කර ගනිමින් ක්‍රියාත්මක කරන අතර මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචියලත් මෙවැනි ආයතන 29ක් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මකය.
දැවිතෙල් භාවිතය පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීමේ නව ක්‍රියාපිළිවෙත පිළිබඳ ඔවුන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (29) මධ්‍යම පරිසර අධිකාරියේදී විශේෂ හමුවක් පැවැත් විය.
ඒ අනුව දැවිතෙල් එකතු කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින උක්ත සියලූ ආයතන 2020 මැයි පළමුවැනිදා සිට පහත දක්වා ඇති කරුණුවලට අනුගතව කටයුතු කිරීම අනිවාර්ය වේ.
1. දැවි තෙල් ප්‍රවාහනය කිරීමේදී මධ්‍යම පරිසර අධිකාරිය සහ සමූද්‍රීය පරිසර ආරකෂණ අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන Global Positioning System (GPS) ක්‍රමවේදයට අනුව කටයුතු කළ යුතුය.
2. නෞකාවලින් ලබා ගන්නා දැවි තෙල්වලින් නියැදි දෙකක් සමූද්‍රීය පරිසර ආරකෂණ අධිකාරිය ලබා ගන්නා අතර එම අධිකාරිය විසින් දැවි තෙල්වල පවතින ජල ප්‍රමාණය මැන ගැනීම සඳහා එක් නියැදියක් යොදා ගන්නා අතර අනෙක් නියැදිය එම දැවි තෙල්වල ප්‍රමිතිය පරීකෂා කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ලබාදෙනු ලැබේ.
3. ආයතන විසින් ලබාගන්නා දැවි තෙල් පිරිපහදු කිරීමකින් තොරව අලෙවි කිරීම සිදු නොකළ යුතුය.
මෙහිදී —බාසල් සම්මුතියට Basel Convention අනුව දැවි තෙල් නැවත පිරිපහදු කිරීම, වෙනත් භාවිතයන් සඳහා යොදා ගැනීම සම්බන්ධව සකස්කර ඇති මාර්ගෝපදේශවලට අදාළව පිරිපහදු කිරීම සිදු කළ යුතුය.
4. දැවි තෙල් පිරිපහදුවෙන් පසු අලෙවියට පෙර, පිරිපහදු කළ දැවි තෙල්වල ප්‍රමිතිය පරීකෂා කළ යුතු අතර ප්‍රමිතියෙන් යුතු පිරිපහදු කළ දැවි තෙල් පමණක් අලෙවි කළ යුතුය.
5. ගබඩා පහසුකම් නොමැති ආයතන උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රය ලබාගැනීමේදී ගබඩා පහසුකම් සහිත බලපත්‍රලාභී ආයතන සමඟ ඇති කර ගත් ගිවිසුම ද පිරිපහදු පහසුකම් නොමැති ආයතන උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රය ලබාගැනීමේදී පිරිපහදු පහසුකම් සහිත බලපත්‍රලාභී ආයතන සමඟ ඇතිකර ගත් ගිවිසුම ද මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතුය.
6. අලූතින් ගබඩා පහසුකම්, ප්‍රවාහන පහසුකම් සහ නව පිරිපහදු යන්ත්‍ර සවි කිරීම සඳහා ආයතනවල ඉල්ලීම පරිදි නිශ්චිත කාලයක් ලබා දීමට පියවර ගැනේ.
7. ඉහත උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් අදාළ ආයතනයේ බලපත්‍රය අහෝසි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් ක්‍රියා කරනු ලැබේ.
මෙම පැවති දැනුම්වත් කිරීමේ වැඩසටහන සඳහා මධ්‍යම පරිසර අධිකාරිය නියෝජනය කරමින් මා ඇතුළු නිලධාරීන් ද සමූද්‍රීය පරිසර ආරකෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ඇතුළු නිලධාරීන් ද දැවිතෙල් එකතු කිරීමේ ආයතන හිමිකරුවන් ද සහභාගී විය.



