ලංගම සේවකයින්ගේ මුල්‍ය පහසුකම් සැපයිමට අනුමැතිය

Share

ශ්‍රීලංගම සේවකයින්ගේ වේතන හා අනිකුත් වියදම් සදහා මුල්‍ය පහසුකම් සැපයිම සදහා ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

 

අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සදහන් කළේය.

ප්‍රවාහන ක්ෂේත්‍රය පසුගිය මාසය තුළ විශාල මුල්‍ය අර්බුදයකට ලක් ව ඇති බවත්, මෙයට හේතුවක් ලෙස කොයිඩ්-19 වසංගතය පැතිරයාම හේතුවෙන් බස්රථ ධාවනය නොවිම බලපා තිබේ.

Read more

Local News