ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොල්කටා නුවර සිරවී සිටි ශ්රී ලාංකික සිසුන් 125 ක් ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද (30) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1188 දරන එම ගුවන් යානය ඉන්දියාවේ කොල්කටා ගුවන් තොටුපළෙන් පස්වරු 2.40 ට පිටත්වී තිබූ අතර, එම ගුවන් යානය සවස 5.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා ඇත.
මෙම සිසුන් සහ ඔවුන් රැගෙන ආ ගමන් මලු ද විශබීජ හරණය කිරීමට ලක් කළ අතර, ඊට පසුව ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින්, ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ තිබේදැයි පරීක්ෂා කර බැලීම ද සිදු කෙරුණ බව වාර්තා වේ.



