ඊයේ(30) සවස පොළොන්නරුව පොලිස් වසමේ කලහගල ප්රදේශයේ පිහිටා ඇති කළු ගල් කැනීම් සිදුකරන ස්ථානයක අනතුරක් සිදුව තිබේ.
එහිදී කළු ගල් කැඩීම සඳහා ගල් වෙඩි යොදමින් සිටි පුද්ගලයෙකු එම ගල් වෙඩි පුපුරා මියා ගොස් ඇතැයි පොළොන්නරුව පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එහිදී මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60 ක කලහගල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර අද (01) දිනයේ දී මහේස්ත්රාත් පරීක්ෂණ සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.



