කුරුණෑගල – මීගමුව මාර්ගයේ වීරඹුගෙදර ගෙපල්ලව ප්රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.
අනතුරෙන් යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකාරිය මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ නාරංගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
වීරඹුගෙදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.



