සෞඛ්‍ය උපදෙස් අනුව වෙසක් සමරන්න – අගමැති

Share

රටේ පවතින සෞඛ්‍ය අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන තම නිවසේ සිට ආදරණීයයන් සමඟ වෙසක් සැමරීම, සිල් සමාදන් වීම, පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සඳහා මූලිකත්වය දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

වෙසක් සැරසිලි සහ පහන් දැල්වීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බාධාවකින් තොරව නිවෙස්වලටම සැපයීමේ අවස්ථාව වෙළෙදුන්ට සලසමින් සෞඛ්‍ය උපදෙස් ආරක්ෂා කර ගැනීම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල සහය තමන් අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි.

සෞඛ්‍ය අවධානම සැලකිල්ලට ගනිමින් පාසල් වසා දැමීම නිසා ඒකාකාරී ජීවන රටාවකට මුහුණ දී සිටින දරුවන්ට මේ මඟින් නව අත්දැකීමක් ලබා දීමේ අවස්ථාව හිමිවෙයි.

එමෙන්ම වෙසක් දිනයේ ආගමික වතාවත්, නිවසේ සිට සිදුකිරීමට අවශ්‍ය සහය විද්‍යුත් මාධ්‍ය මඟින්ද ලබාදෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News