වතු නිවාස පේළියක ගින්නක්

Share

හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතු යායේ වතු නිවාස පේළියේ අද පස්වරුවේ හටගත් ගින්නකින් වතු නිවාස 14ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලීසිය පවසයි.

 

එක් නිවසකින් හටගත් ගින්න සිඝ්‍රයෙන් සෙසු නිවාස කරා පැතිර ගිය බව පොලීසිය පැවසුවේය.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැත.

ගින්නෙන් එම වතු නිවාස පේළියේ පදිංචි වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

පැතිර ගිය ගින්න වතු කම්කරුවන් එක් වී නිවන අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයද ගින්න පාලනය කිරිමට එක් වී ඇත.

Read more

Local News