පසුගිය අප්‍රේල් පළමුවනදා සිට හුදෙකලා කර තිබු මරදාන සුදුවැල්ල ඉමාමුල් අරූස් මාවත ප්‍රදේශය ද අද (03) සිට විවෘත කෙරුණි.
මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර අකුරණ හා බේරුවල ප්‍රදේශයේ ගම්මාන දෙකක් සදහා පනවා තිබූ සීමාවන් අද සිට සම්පූර්ණයෙන්ම ඉවත් කිරිමට පියවර ගෙන තිබේ.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මහනුවර අකුරණ ප්‍රදේශය සහ බේරුවල පන්නිල සහ චීනකොටුව යන ප්‍රදේශ සදහා පනවා තිබූ සීමාවන් මෙලෙස ඉවත් කිරිමට පියවර ගත් බවයි.
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් හදුනාගැනිම හේතුවෙන් මහනුවර අකුරණ ප්‍රදේශය පසුගිය මාර්තු මස 29 වනදා සිට හුදෙකලා කිරිමට යුධ හමුදාව පියවර ගනු ලැබුවේය.
ආසාදිතයින් වැඩිවශයෙන් වාර්තා වූ බේරුවල පන්නිල සහ චීන කොටුව යන ගම්මාන ද හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුනේ පසුගිය මස 14 වනදා සිටයි.
කෙසේවෙතත් අදාල ප්‍රදේශවලින් ගත වූ කාලය තුළ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම හේතුවෙන් එම ගම්මාන හුදෙකලා කරමින් පනවා තිබූ සිමාවන් අද සිට සම්පූර්ණයෙන්ම ඉවත් කිරිමට යුධ හමුදාව පියවර ගෙන තිබේ.



