අගමැති සහ හිටපු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව ඇරඹේ

Share

පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන්ගේ හමුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට අරලියග මන්දිරයේ දී පැවැත්වෙයි.

 

කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජය ගනු ලැබු සහ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරිම සහ ඔවුන්ගේ අදහස් විමසීමට අග්‍රාමාත්‍යවරයා විසින් මෙම සාකච්ඡාව කැදවනු ලැබුවේය.

ඒ අනුව සාකච්ඡාව සදහා විපක්ෂය නියෝජනය කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, එම්.කේ.සුමන්තිරන් සහ මාවෙයි සේනාධිරාජා යන හිටපු මන්ත්‍රීවරුන් එක්ව සිටින බවට වාර්තා වේ.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කිසිදු හිටපු මන්ත්‍රීවරයෙකු මෙම සාකච්ඡාව සදහ සහභාගි වී නොමැති බව ද සඳහන්.

Read more

Local News