බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්රතිඵල නිකුත් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ 2019 වර්ෂයේ නොවැම්බර් මස පැවැත්වූ ධර්මාචාර්ය විභාගයේ ප්රතිඵල මෙලෙස නිකුත් කර ඇති බවයි.
ඒ අනුව www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්රතිඵල ලබා ගත හැකි වෙයි.
මෙම විභාගය සදහා 47,722 දෙනෙකු අයදුම්කර තිබූ අතර ඉන් 23,647 දෙනෙකු විභාගයට පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.



