ඊයේ (04) රාත්රියේ ගාල්ල පොලිස් වසමේ ගාල්ල නගරයේ ඇති කඩ සාප්පු පෙළක ගින්නක් ඇති වී ඇති බවට ගාල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
ඒ අනුව ගාල්ල පොලීසිය, ගාල්ල නගර සභා ගිනි නිවීමේ ඒකකය හා ප්රදේශවාසීන් එක්ව ගින්න නිමා දමා තිබේ.
කෙසේ වෙතත් ගින්න හේතුවෙන් කඩ සාප්පු 8 ක් ගිනි ගෙන ඇති බව පොලීසිය පවසයි.
ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.



