හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

අනුරාධපුර පොලිස් වසමේ ජයන්ති ග්‍රාමය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 60 සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අනුරාධපුරය පොලීසියට ඉදිරිපත් කර තිබේ.

 

අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වු කුරුන්දන්කුලම, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද(05) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News