උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව නැගෙනහිර, වයඹ හා උතුරු මැද පළාත් සහ ගම්පහ, කොළඹ, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ මොණරාගල දිස්ත්‍රික්කවලට මෙම තත්ත්වය බලපානු ඇත.
මෙම ස්ථානයන් හි ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම පිළිබඳ “වැඩි අවධානයක්“ යොමු කළ යුතු මට්ටමක පවතින ඇතැයි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



